Saturday, January 1, 2022

අම්මා...







අම්මා...


කටුක වූ දිවි ගමන

කඳු හෙල් අතරින්

ගලා යන ගංගාවක් වැනිය...

අසාර වූ මේ ජිවිතය සාර කරන්නට

දිවා රෑ නොබලා වෙහෙස වූයේ

ඔබයි...

දුක් ගංගා තරණය කොට

ඔබ නොදුටු ලෝකය

මගෙ දෙනෙතින් දකින්නට

මංපෙත් එළි කළේ

ඔබයි...

කර්කශ ඉඩෝරයේ සේම

සොඳුරු වූ වසත් සමයේ

මට සවි වෙමින්

මා අසළ රැදුණේ ඔබයි

මෑණියණි...

සදා සෙනෙහෙන් රැදෙනු මා ළඟ

රකිමි පණ සේ

දිවිය අැති තෙක්....

4 comments: