සරසවිය සහ ZOOM App
පුරා දෙවසරක්
දිවා රෑ නොබලා
වෙහෙස වූවා
සිහින මැව්වා
පය තබන්නට
සරසවිය නම් පින් බිමට..
පිදුරුතලාගල කදු මුදුන පරයා
පොදි බැන්ද මා
සිහින සිතුවම්
කඩා වැටුනා දෙපා පාමුල
නොසිතූ ලෙස අප වැළදගත්
කොරෝනා වෛරසය
අභියස..
පුරා සිව් වසරක්
කෙළි දෙළෙන් නැණ ලබන්නට
මැවූ සිහිනය බොද වෙලා අද
හිරවෙලා අපි Zoom App තුළ
විලස දෛවයේ සරදම්
රටපුරා පවුරු බැදි
අපේ මිතුදම්
දෙනෙත් අභියස
මිලින වී අද,
නුදුරු දිනකදී
සිනා පිරි මුව කමල
නෙත්පුරා දැක ගන්න
දින ගනී අප
නොඉවසිල්ලෙන්...
මෙතෙක් නොදුටු
ඒ සාර වූ පින් බිම
නෙත්පුරා දකින්නට,
සිත්පුරා විඳින්නට,
සියලු බාධක බිද දමන්නට
නුදුරු දිනකම
උදා වේවා
සොදුරු වූ
වසත් කාලය..