Sunday, January 23, 2022

අන්ධකාරයේ නිමාව....


හිමිදිරියේ සැවුළා

වැඩ අරඹද්දී...

පිනවයි මගේ දෙසවන 

සියොතුන්ගේ සද්දේ...

 

 

ළා හිරු කිරණ විත් 

මා ගත තැවරෙද්දී...

විකසිත වුණා මල් කැකුළක්

හිමිදිරියේ...

 

 කවුළුව අසළ වූ 

 සුපුරුදු අස්නේ...

 මා නෙතු ගැටෙයි

 පෙර දා මෙන් සතොසේ...

  

 

වැව් කණ්ඩිය එපිට වූ 

පොඩි පොඩි කඳු අතරේ...

මා සිත බැඳෙයි

පායා එන හිරු අඹරේ... 







8 comments: