Thursday, January 27, 2022

ගුත්තිලයේ විරිත් භාවිතය...

සිංහල කාව්‍ය සාහිත්‍ය ඉතිහාසය තුළ වෙනස් මඟක් අනුගමනය කළ කවියෙකු ලෙස වෑත්තෑවේ හිමියන් හැඳින්විය හැකිය. ජාතක කතා සාහිත්‍ය කවියට නැගීමේදි ගුරු ගෝල සබඳතාව මෙන් ම එය බිඳි ගිය විට ඇතිවන විරසකය ද කතු හිමියන් ගුත්තිල කාව්‍යයට උපයුක්ත කොට ගනි.සලාවත ජයපාල මැතිඳුන්ගේ ආරාධනයෙන් රචිත ගුත්තිල කාව්‍යයේ දි වෑත්තෑවේ හිමියන් ඒ ඒ අවස්ථාවන්ට උචිත අයුරින් විවිධ විරිත් භාවිත කරමින් සිය නිර්මාණය සහෘද මනසට සමීප කළ අයුරු පහත විරිත් ඔස්සේ යමින් අපි මෙසේ විමසමු.

වෑත්තෑවේ හිමියන් සිය අවස්ථා වර්ණනයේ දී උපයුක්ත කොටගත් විරිත් මෙසේ දැක්විය හැකිය.

                      💧  වසත් විරිත

                      💧 පෙද විරිත / පදක විරිත

                      💧  මහ පියුම් ගී විරිත

                      💧  මාත්‍රා 26 න් යුත් දීර්ඝ විරිත

උදේණිපුර සැණකෙළි වර්ණනයේ දි සුරාවෙන් මත් වූවන් නෙළුම් පෙති මෙන් රතුපාට වූ ඇස් ඇතිව සිදු වන්නේ කුමක් ද යන්න පිළිබඳව හරියාකාරව නොදැන නර්තනයේ යෙදුණු අයුරු වෑත්තෑවේ හිමියන් සම මාත්‍රාවලින් යුත් වසත් විරිතෙන් හෙවත් වසන්ත විරිතෙන් වර්ණනයට හසු කරන්නේ මෙසේය.

“රැගත් සුරා පිරූ                                විතින්

 සුරත් තඹරු පෙති                     සෙනෙතින්

 පුවත් නොදැන බඹබ                        ගතින්

නටත් අයෙක් සුරා                            මතින්

මෙම විරිතෙහි ඇති සුවිශේෂත්වය වන්නේ පාද හතරේ ම සම මාත්‍රවලින් යුත් මාත්‍රා 48 ක් දක්නට ලැබීමයි.

ගුත්තිල හා මූසිල යන දෙදෙනා අතර ඇතිවන ගාන්ධර්ව සටනේ දි ගුත්තිලගේ වීණා වාදනයේ මිහිරියාවට සමස්ත පොළෝ තලයේ ම මිනිසුන් වසඟයට පත් විය. නගරයේ කාන්තාවන්ගේ දෙසවන් ද වෙණ නදේ මිහිරියාවට වසඟ විය. නළවමින් සිටි දරුවන් පවා උකුලෙන් ගිලිහි ගිය බව ඔවුනට නොදැනී ගිය අයුරු වෑත්තෑවේ හිමියන් මාත්‍රා 16 න් යුත් පෙද විරිත හෙවත් පදක විරිතෙන් වර්ණනයට හසු කරන්නේ මෙසේය.

“මනමත් කරවන දන මුළු          දෙරණා

 රසවත් වන වෙණ නද නද        කරනා

මෙම විරිතෙහි ඇති සුවිශේෂත්වය වන්නේ මාත්‍රා 16 ක සමපාදවලින් සමන්විත සම්පූර්ණ මාත්‍රා 64 ක් දක්නට ලැබීමයි.

ශක්‍ර දෙවියන්ගේ උපකාරයෙන් ඔහු දුන් ගුලි අහසට විසි කිරීමෙන් ගුත්තිලගේ වෙණ නද වඩාත් සුමිහිරිව දසත පැතිරෙන්නට විය. ඒත් සමඟ ම දිව්‍යාංගනාවෝ තුන්සියයක් නර්තනයට එක්වන අයුරු සම විෂම පාදවලින් යුත් මහ පියුම් ගී විරිතෙන් වර්ණනයට හසු කර්නනේ මෙසේය.

 

“ මෙයින් එක්                           ගුලියක්

දමව ඉන් තුන්                           සියයක්

සුරඟන බැස                                පසක්

සතුටු කර නටති දන                  මනසක්

ගුත්තිලගේ වීණා වාදනයේ මිහිරියාව නිසා දෙව්ලොවින් දෙවඟනන් පැමිණ නර්තනයේ යෙදෙන අයුරු රූප රාශියක් අදින බව පවසමින් උපමාත්මක බස්වහරකින් මාත්‍රා 26 ක දීර්ඝ විරිතෙන් හෙවත් සඳ විරිතෙන් වර්ණනයට හසු කරන්නේ මෙසේය.

“ රූ රැසේ අදිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා”

මෙහිදි කවියා සම මාත්‍රාවලින් යුත් මාත්‍රා 104 න් සුරඟන රැඟුමේ විශිෂ්ටත්වය සහෘද මනසට සමීප කොට ඇත.

වෑත්තැවේ හිමියන් අවස්ථාවට උචිත අයුරින් විරිත වෙන්ස් කරමින් කාව්‍ය රස කුළු ගැන්වූ අයුරු උක්ත නිදර්ශනයන්ගෙන් පසක් කොටගත හැකිය.

 

4 comments: