Monday, January 31, 2022

ගසක් කතා කරයි...


 

 නුබට දුන් ජීවේ මන්...

අමතකයි නුබට දැන්...

කිසිඳු කෙනෙකුන්...

සිතන්නේ නැත...

හුස්ම ගන්නේ අපි නිසා බව...

 

කෙසේ නම් මා බිම හෙලන්න ද...

කිසිඳු දේ නොදැනුවත් ලෙසකට...

අනාගතයක් ගොඩනගන්නට...

නුබට ඇහැකි ද ගස් වවන්නට...

 

හරිත පාටින් ලොව මවන්නට...

හුස්ම ගන්නට ජීවෙ දෙන්නට...

අපට තරමින් කාට හැකිදෝ...

ලොවක් මේ ලෙස හැඩ කරන්නට...

 

රූස්සෙට මන් හැදී වැඩුනේ...

සියලු සිත් මතු නිවාලන්නට...

සිතක් නැති සේ නසා දැමුවේ...

අනාගතයේ නුබේ ජීවය 💕

7 comments:

  1. හිතාදර සොයුරු සොයුරිය, මේ ලියන්නේ සඳකඩපහන සින්ඩියේ සංස්කාරක වරුන්. ඔබ බොහෝ දෙනෙක් බ්ලොග් කරණයට අළුතින් පිවිසි අය බවයි අපගේ වැටහීම, ඒ නිසාම ඔබලාගේ බ්ලොග් අපගේ සින්ඩියේ "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොලමේ පෙල ගස්වා තිබෙනු දකිනට පුළුවන්. ඔබ වාගේම තවත් මෙදියතේ සිව් කොනේ සිට ලියන නිර්මානශීලී සොයුරු සොයුරියන්ගේ බ්ලොග් අපගේ සින්ඩියේ "කැටපත් පවුර" කොලමේ පෙල ගස්වා ඇත. අපගේ සීන්ඩියට ගොඩවැදී මෙරට ලියැවෙන හා ලියැවුනු විවිධ බ්ලොග් 1230 කට පිවිසීමට අපගේ සින්ඩිය තුලින් ඔබ්වට හැකියාව ලැබේවි. ඊට ගොඩ වැදී බලන්න.
    එසේම අනෙකුත් ඔබ නන්නාඳුනනා බ්ලොග් වලට ගොඩ වැදී ඒවාට කමෙට්නු ලිවීමෙන් ඒ අය ඔබගේ බ්ලොගය කරා ඒමට මං පෙත් විවර වනු ඇත!

    අපගේ සින්ඩියේ නොදැක්වෙන ඔබ වැනිම වේනත් බ්ලොග් වෙතොත් ඒවා අප වෙත යොමු කරණ්න.

    අපගේ සින්ඩිය පිළිබඳව ඔබගේ බ්ලොගය හරහා හැකි ප්‍රචාරණයක් ලබා දෙන්න!

    ReplyDelete
  2. අපූරුයි. දිගටම ලියන්න ✍💔💔.......

    ReplyDelete