Wednesday, November 2, 2022

සබරෙ මිහිරියාව...


හාගල කන්ද පරදමින් 
ඇදී එන සැඬ සුළඟට, 
තෙරක් නොපෙනෙන 
සීත මීදුමට... 
හැකි වේද නවතන්න 
අප දුටුව සිහිනයන්... 
එකෝමත් එක කලෙක මෙන් 
හදිසියේ අවදි වෙමු 
තුන්කාලේ රැලි හැඩට 
වැඩ තියා ඇවිද යමු... 
දුෂ්කර වුවත් මේ ගෙවෙන දිවි ඉනිම, 
සුපුරුදුය යනෙන මාවත් නිතින... 
කර්කෂව පෙනෙන මුත් 
ගෙවී යන මේ සමය 
සොඳුරු දිනයක් වේවි 
ලබන දා මිහිරි ඵල... 
කරන මේ වෑයමෙහි 
වසත් බව විඳින්නට 
වැය කරමි 
අද මෙන් ම හෙට දවස 
මා සොඳුරු දිවි මගෙහි...

සබරෙ මව් තුරුල...


නේක විදි සිත් සතන් 
ළැඟුම්ගත් හදවත්වලට... 
යදම් ලා සිර කළ 
නිපුණතා තොටුපළට 
වැට කඩුලු බිඳ දමා 
නිදහසේ සුව විඳින්නට... 
ගිම්හාන සෘතු පසු කරන් 
සිත් මානයන් සොයන 
සබරගමු වසන්තයට 
ජීවිතය දිනන්නට... 
මේ සබරෙ මව් තුරුල 
සොඳුරු තොටුපළක් නොවෙද ?