Saturday, January 1, 2022

ඔබේ මිතුරිය...


ඔබේ මිතුරිය...

...සරසවි සිහිනය සිහනයක් පමණක් ම වූ මිතුරියකගේ සිතිවිලි...


හිත් දෙකක පිපුණු

එකම හීනයක්

දෑස් අබියස

ඉටුවෙලා අද...

හීන මැව්වත්

හිත පුරාවට

වරම් නැති මා

ඔබේ මිතුරිය,

කැපවීම ඔබ

හිස පුරාවට

දරාගෙන උන්

කාලෙ මතකය

මහන්සිය දලු දැමූ තරමට

ඔබේ හීනය

අදත් එළියය...

හීන දෝතට

නොගෙන දිව්වෙත්

මගේ කරුමය, මගේ සාපය

බලන්නම් හෙට ඔබේ දෑසින්

සරසවිය නම් උතුම් භූමිය...

4 comments: