හිමිදිරියේ සැවුළා
වැඩ අරඹද්දී...
පිනවයි මගේ දෙසවන
සියොතුන්ගේ සද්දේ...
ළා හිරු කිරණ විත්
මා ගත තැවරෙද්දී...
විකසිත වුණා මල් කැකුළක්
හිමිදිරියේ...
කවුළුව අසළ වූ
සුපුරුදු අස්නේ...
මා නෙතු ගැටෙයිපෙර දා මෙන් සතොසේ...
වැව් කණ්ඩිය එපිට වූ
පොඩි පොඩි කඳු අතරේ...
මා සිත බැඳෙයි
පායා එන හිරු අඹරේ...